Friday, June 14, 2013

සිත රිදෙනා තරම් ලදේ

සිත රිදෙනා තරම් ලදේ ඔබ දන්නවනම්
මේ දෙනෙතින් වැටෙන කදුළු ගැන දන්නවනම්
මම දන්නෑ ආදරයක් රිදෙනවා මෙතරම්
ඔබට හැකිද හැර යන්නට මාව දැන් ඉතින්

බිංදු බිංදු එකතු කරපු ආදරේ තරම්
ඩිංග ඩිංග කල් යනකොට දැනුනද කොතරම්
මගේ රත්තරන් මගේ රත්තරන්
හිතට හිතුනේ නැතුවද මම ඉන්න බව ඉතින්

ගින්න ගින්න හද ඇවිලී දවයි සිත් පැතුම්
යන්න යන්න ඔබ ඈතට සිදෙයි මල් හැගුම්
මගේ රත්තරන් මගේ රත්තරන්
ඇයිද හිතුනේ නැත්තේ මගේ ආදරේ තරම්

0 comments:

Post a Comment