මවකගේ උණුසුම නොලබා සැපට නිදන පුතේ..
ඔබටත් මට මෙන් තනිකම දැනෙනවාද පුතේ..
ඔබෙන් සිගිති පුතේ මගෙ පාලුව මැකේ..
හිතේ තියන පාලු ගතිය ගතිය මගහරින්න පුතේ..
සුරකුමරුන් සමගින් ඔබ හිනහෙනවද පුතේ..
අපි දෙන්නා අදුරු ලොවක තනි කර දා පුතේ..
නුඹෙ අම්මා දිවියලෝකෙ ගියා චූටි පුතේ..
මා හට දී ඔයා.. ඈ සුර ලොව ගියා..
සුර විමනක වැදී.. මගේ රන්කද නිදී..
තවමත් කිරි සුවද දැනේ ඔබේ සිගිති කටේ...
ඔබ නැතිනම් මම දැනටත් මැරී ඇතැයි සිතේ..
පුතුගෙ උපත මවගෙ විපත එක දිනයෙදම වුනේ..
කොහොමද මම සිහි කරන්නේ පුතුගේ උපන් දිනේ..
මා හට දී ඔයා... ඈ සුර ලොව ගියා..
ලොකු වුනාම අම්මා ගැන අහන්නෙපා පුතේ..
එතකොට මගෙ දෙනෙත් වලට කදුලු පිරෙයි පුතේ
සුර විමනක වැදී.. මගෙ රන්කද නිදී...
Sunday, June 16, 2013
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment