Sunday, June 16, 2013

මවකගේ උණුසුම නොලබා ....

මවකගේ උණුසුම නොලබා සැපට නිදන පුතේ..
ඔබටත් මට මෙන් තනිකම දැනෙනවාද පුතේ..
ඔබෙන් සිගිති පුතේ මගෙ පාලුව මැකේ..

හිතේ තියන පාලු ගතිය ගතිය මගහරින්න පුතේ..
සුරකුමරුන් සමගින් ඔබ හිනහෙනවද පුතේ..
අපි දෙන්නා අදුරු ලොවක තනි කර දා පුතේ..
නුඹෙ අම්මා දිවියලෝකෙ ගියා චූටි පුතේ..
මා හට දී ඔයා.. ඈ සුර ලොව ගියා..
සුර විමනක වැදී.. මගේ රන්කද නිදී..

තවමත් කිරි සුවද දැනේ ඔබේ සිගිති කටේ...
ඔබ නැතිනම් මම දැනටත් මැරී ඇතැයි සිතේ..
පුතුගෙ උපත මවගෙ විපත එක දිනයෙදම වුනේ..
කොහොමද මම සිහි කරන්නේ පුතුගේ උපන් දිනේ..

මා හට දී ඔයා... ඈ සුර ලොව ගියා..

ලොකු වුනාම අම්මා ගැන අහන්නෙපා පුතේ..
එතකොට ම‍ගෙ දෙනෙත් වලට කදුලු පිරෙයි පුතේ

සුර විමනක වැදී.. මගෙ රන්කද නිදී...

Saturday, June 15, 2013

නුපුරුදු ඔබ දුටු පලමු දිනේ

නුපුරුදු ඔබ දුටු පලමු දිනේ
සුපුරුදු ලෙස පෙනුනා
කෙදිනක කෝවිල පුරුදු ඇති මට
සුසුම් සුවද දැනුනා.........
දැනුනා.........මට සුසුම් සුවද දැනුනා
........................

පෙර කිසි දා ඔබ හමුවී නැති බව
ඉදුරා කියත හැකි
හමුවී ඇත්නම් ඒ පෙර සසරේ
යුගයක වෙන්න ඇති
.....................
යුගයක් වෙන්න ඇති

භවයෙන් භවයට පැතුම් පතාගන
ඔබ මා ආවාදෝ
ඉසුරුමුනියෙහි පෙම් දැහැන රකින්නට
අප මෙහි හමුවීදො
................
අප මෙහි හමුවීදො

Friday, June 14, 2013

දෛවයෝගයකින්

දෛවයෝගයකින් නොවේදෝ
හමුවුණේ අප හමු වුණේ
දෛවයේ සරදම් ලබන්නට
කිම මෙසේ අප හමුවුනේ...

ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ
ඇදුරුතුමියයි යෞවනේ
ශෝකයේ රුදු වේදනාවේ
කඳුළු සයුරේ උල්පතයි...

නඳුන් උයනයි ස්නේහයේ ඔබ
සඳුන් සිළිලයි ජීවිතේ
සොම්නසේ ආනන්දයේ
හසරැල් තරංගේ උල්පතයි...

මතක නැද්ද ආදරෙන් උන්නා

මතක නැද්ද ආදරෙන් උන්නා ලංවෙලා
දවස තිස්සේ රෑ පුරා කථා කල ඔයා
ඈත කොහෙද හැංගිලා මගෙන් දුර ගියා
එන්නේ නැද්ද ආයෙමත් රත්තරන් ඔයා

අඳුරු අහසේ හිටි ගමන් එළිය සැඟවෙලා
සීත රැයක පාළුවේ උනුසුමක් වුනා //
මගේ ජීවිතේම දැන් හීනයක් වෙලා
යන්න කොහෙ ගියාදෝ රත්තරන් ඔයා

මතක නැද්ද ............

හඬන හිත මගේ දැන්නම් නැවතුමක් නැති
පාළු හිතට ආයේ සැනසුමක් නොයේ //
හිතේ මාලිගා කඩාලා ඔයා ගිය හැටී
එන්නෙ නැද්ද ආයේ කොහොමටත් යලී

සාගරේ තරම් ආදරේ අරන්

සාගරේ තරම් ආදරේ අරන්
සරා සිහිනයේ නැවතිලා
පිරූ මතකයෙන් සිනා මල් හොයන්
පැතු සේ මා සිතුම් පුදලා
නුරා මල් හැඟුම් ඇහැරලා
සදා ජීවිතේ නුඹ වෙලා

ආදර කවියේ දුරක ගිහිල්ලා
ජීවිත හීනෙට පාටක් දුන්නා
හීසර හිත යට කොනකින් තියලා
සුළඟට ඒ පෙම් කතාව කිව්වා
තනිකම රෑ තුරුලේ උන් දා
හොරෙන්ම ඇවිදින් හිටියද මන්දා

පාවෙන සුසුමේ උණුහුම හංගා
හීතල දෙතොලින් දෙකොපුල ඉම්ඹා
සාගර රළ හා තනුවක රංදා
ආදර ගීයම කවියක් ලිව්වා
ඇසි පිය ගෑ ඒ සිහිනේ දුටු දා
සෙනෙහෙට ගැඹුරක් කොහෙන්ද මංදා

හෙමින් සැරේ ඇවිත් ඔයා

හෙමින් සැරේ ඇවිත් ඔයා මගේ කනට කොදුරලා ගියා
ඔයා මගෙයි වෙන කාගෙවත් නොව්යි කියා
සිතින් අනේ පතන්නෙ මා ඔයත් මගේම වෙන්න කියා
ඔයා රකින්න මාගෙ ජීවිතේ පුරා

කව්රුන් බලා හිටියත් ඔබෙ ලඟට ඇවිත්
දෙතොල් ඔබේ සිප ගන්න හිතෙනවා
කව්රුන් හිනා උනත් හනේ රත්තරන්
ඔයා දිහා බලා ඉන්න හිතෙනවා
හිතේ හැඟුම් ගොඩක් තියන් ඔයා දිහා බලාන ඉන්න
ජීවිතේ කෙටී සිතෙනවා

හෙමින් සැරේ ඇවිත් ඔයා මගේ කනට කොදුරලා ගියා
ඔයා මගෙයි වෙන කාගෙවත් නොව්යි කියා

මෙ අහස තරම් දුර සිත් අහසේ
තනි වුවොත් දැනෙයි මගේ ආදරේ
මෙ සයුර තරම් රුදු හද ගැබුරේ
ලියුවොතින් දැනෙයි මගෙ ආදරේ
හදේ සිතුම් වැලක් කඩා ගීතෙකින් ලියා ගොතා
ඔයා ලඟින් තියන්නම් ආදරෙන් , රත්තරන්

හෙමින් සැරේ ඇවිත් ඔයා මගේ කනට කොදුරලා ගියා
ඔයා මගෙයි වෙන කාගෙවත් නොව්යි කියා
සිතින් අනේ පතන්නෙ මා ඔයත් මගේම වෙන්න කියා
ඔයා රකින්න මාගෙ ජීවිතේ පුරා...

හිත දුර හන්දා...

හිත දුර හන්දා...
නෙතු ලග හංගා සිහින ගනින හින්දා....
තනිකම හංගා ඇතක රන්දා
මතක හිත ඇහිංදා...
අරැත කියන සෙනෙහේ නුඔම වේද මංදා...

ඇත අතිතෙක අමතක සෙනෙහේ
හිතවත් කරනා....
සිහින පොතේ පිටු දහසක් අතරේ
නුඔ මයි හිදිනා.....
නොමැකෙන සේ හදවතේ ඉන්න නුඔ
අලුතෙන් පතනා..
හිතදුර හන්දා.....//

අහස වගෙයි නුඔ සිතුව අතිතෙ
මතකෙට නැගෙනා...
හැඩවෙන හිත ලග තනියට ඉන්නේ
නුඔ මද කියනා...
ඉස්සර දවසක තහනම් හිනේ
ආයෙත් දකිනා...
හිත දුර හන්දා..../