Friday, June 14, 2013

සෙනෙහස විදිනට

සෙනෙහස විදිනට
පින් කර ඇතිමුත්
පිවිතුරු ඔබේ හදින්...
ඔබේ දෙපාළඟ
දුහුවිල්ලක්වත්
වන්නට නොමැත වරම්......

එකතැන රැදුනද මනසින් හැඟුමින්
ඔබ මා එකම සිතින්...
කුමටද නිදිනැති යහනක නැතිනම්
ඔබගේ සුසුම් පවන්...

යළි යළි බැදුනද නොසැලෙන විලසින්
ඔබ මා සිතට සිතින්
කුමටද නැතිකළ සෙවනට මොහොතක්
ඔබ ළඟ රැදෙන වරම්...

0 comments:

Post a Comment